
තෙරුවන් සරණයි …!
චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.
මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින් අපට අප්‍රමාණ ප්‍රන්‍යස්කන්ධයක් රැස් වෙනවා.
මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අප දාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නෙකෙළෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය. උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැකලා පෙන්වා දෙනවා මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.
එයින් රැස් වූ පුණ්‍යස්කන්ධයේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව. එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වෙනවා. එපමණක් නොවේ තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළද එයින් බොහෝ පින් එකතු වෙනවා.
ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යද්දී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වෙලා ඒ මොහොතේදීම තවුතිසා දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතු ස්ථූපයකට වැටකොලු මල් පූජා කරන්න යද්දී තමයි කලුරිය කළේ.
ඒ තුළින් රැස් වූ ප්‍රන්‍ය විපාක තමයි අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වන්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වෙනවා “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙවි මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.